_______________________________________________________________

Nov 3, 2018

Helakuru පූර්ණ පරිගණකාගමනය | ඔබගේ Windows, Linux, MacOS පරිගණකයෙදින් Helakuru අකුරු කරන්න.

ඔයාලට මතක ඇති අපි හෙළකුරු Products කිහිපයක් ගැනම ඔයාලට ලිපි පෙළක් ගෙනත් තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම පොස්ට් එකක් බවට පත්වුනේ " හෙළකුරු පරිගණකාගමනය " ගැන ලියුණු ලිපිය.  මේ වනවිට එම ලිපිය 20500 කට අධික පිරිසක් නරඔලා තියෙනවා.
ඒ ලිපිය දැනටමත් ඔයාලා බැලුවේ නැත්නම්,   

ඒ පරිගණකාගමනයේ , පූර්ණ පරිගණකාමනය සිදු කරන්නද Helakuru හිමිකම් කියන Bhasha ආයතනයට හැකි උනා. 

ලංකාවේ බොහෝ පිරිසකට තිබුන ගැටලුවක තමා තම ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් සිංහල ටයිප් කිරීම. Voice Typing ඇතුලුව සියලුම පහසුකම් ඇතුලුව Helakuru Mobile App එක ඔයාලට තිළිණ කල ඒ කණ්ඩායමම තමා මේ Helakuru PC Version එකත් ඔයාලට තිළිණ කරන්නේ....

මෙන්න Mr. Dhanika Perera ඇතුළු, Bhasha සමාගමේ පිරිස.



හෙළකුරු පූර්ණපරිගණකගමනය සිදුවුනේ මේ දිනවල BMICH හිදී පැවැත්වෙන Infotel 2018 IT ප්‍රදර්ශනයෙදින්. ඒ අවස්ථාවට සහභාගි වෙන්න නොලැබෙන සියලුම දෙනාට, ඒ අවස්ථාව සජීවීව නැරඔිමටද Bhasha ආයතනය කටයුතු කරලා තිබුනා. මෙන්න ඒ අවස්ථාව.


මේ වගේ ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් ලෝකයේ තවත් ඉදිරියට රැගෙන ඒමට කටයුතු කරන, භාෂා ආයතනයේ සියලුම දෙනාට, තවත් මේ වගේ නිපදවීම් කරන්න ශක්තිය ලැබෙන්න - අලුතින්.කොම් අ‍පගෙන් සුභ පැතුම්.


දැන් තමා ඔයාලා බලාගෙන හිටිය මොහෙත, 
කොහොමද අපි හෙළකුරු පරිගණකයට දාගන්නේ....???


මුලින්ම යන්න - HELAKURU.LK වෙබ් අඩවියට.

දැන් ඔබගේ පරිගණකයේ OS එකට අදාල Helakuru PC Version එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


දැන් ඒ ලැබෙන Zip ‍ෆයිලය Extract කර, එහි තිබෙන උපදෙස් පරිදි ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගැනීමට හැකිය.


එලෙස, පරිගණකය ස්ථාපනය කල ගත් පසු , Helakuru වෙත ඔබගේ පරිගණකගේ සැකසුම් මාරු කර ගත යුතුයි. 



ඔබගේ යතුරු කරනය පහසුම ආකාරයට ,
Helakuru - Wijesekara or
Helakuru - Phonetic යන්න Windows නම් පහළ ආකාරයෙන් තොරා ගත හැකිය.



මේ ගැන ඔබට මොනයම් හෝ ගැටලුවක් තිබේනම්, Helakuru වෙබි අඩවිය හරහා, Helakuru Team එක හා සම්බනුධ වන්න. නැත්නම් පහළින් Comment කරන්න.  ස්තූතියි.


මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
ස්තූතියි.


SriLankaHosting