_______________________________________________________________

Nov 4, 2018

WhatsApp Sticker Update + සිංහල ස්ටිකර්

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනාවම. WhatsApp කියන්නේ අපි හැම දෙනාම වගේ එදිනෙදා භාවිතා කරන Instant Messaging App එකක්. ළඟදි ඔයාලට දකින්න ලැබෙන්න ඇති WhatsApp ආයතනය තමන්ගේ ඇප් එකටත් ස්ටිකර් පහසුකම හඳුන්වා දී තිබුණා. මේ වෙද්දි iOS users ලාට මේ ස්ටිකර් අප්ඩේට් එක ලැබිලා තිබුණත් ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලට තාම මේක නිකුත් කරලා තියෙන්නේ Beta version එකක් (අත්හදා බැලීමේ සංස්කරණයක්) විදියට. ඒ නිසා දැනට ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලගෙන් මේ අප්ඩේට් එක ලැබිලා තියෙන්නේ WhatsApp Beta Programme එකට join වෙලා ඉන්න අයට විතරයි. Beta Programme එකත් මේ වෙද්දි full වෙලා තියෙන නිසා ගොඩ දෙනෙක්ට මේ අලුත් ස්ටිකර් පහසුකම ලබාගන්න බැරි වෙලා තියෙනවා.



ඒ නිසා හැමදාමත් අලුත්ම දේවල් ඔබ වෙත ගෙන අලුතින් වෙතින් ඔබට WhatsApp Beta APK එක ලබාදෙන්න තීරණය කළා. Beta testers ලාට පමණක් ලැබෙන Sticker පහසුකම පහත APK එක install කර ගැනීමෙන් ඔබටත් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම වසර ගණනාවක් පුරා ඔබේ විශ්වාසය දිනාගත් Aluthin.com අපි මෙවරත් සහතික කරනවා මෙම APK එක කිසිදු අනිසි වැඩසටහක් නොමැති ආරක්ෂාකාරි APK එකක් බවට.

පහත දැක්වෙන සරල පියවර කිහිපය පිලිපැදීමෙන් ඔබට පහසුවෙන්ම WhatsApp ස්ටිකර් පහසුකම ඔබේ ජංගම දුරකතනයට ලබා ගන්න පුළුවන්.

1. පහත බොත්තම ක්ලික් කර WhatsApp APK එක ඔබේ android දුරකතනයට ඩවුන්ලෝඩ් කරගන්න.

Download

 Download
2. ඔබේ දුරකතනය Android 8.0 ට පහළ සංස්කරණයක් නම්, Settings > Security and Privacy > Unknown Sources Option එක සක්‍රීය (allow) කරන්න.



ඔබේ දුරකතනය Android 8.0 ට වඩා ඉහළ සංස්කරණයක් නම්, Settings > Security and Privacy > Install Unknown Apps වෙත ගොස් Chrome (හෝ ඔබ මෙම වෙබ් අඩවිය නරඹන browser එක) ක්ලික් කර "Allow app installs" option එක සක්‍රීය කරන්න.

3. ඉන්පසු දිස් වන තිරයේ Install යන්න tap කරන්න.  




දැන් සාමාන්‍ය ආකාරයට වට්ස්ඇප් ඕපන් කරන්න. අලුත් ස්ටිකර් පහසුකම ඔබට ලැබී ඇති බව දැකගත හැකි වේවි. 


සිංහල ස්ටිකර්!

 

WhatsApp සඳහා ස්ටිකර් සහය දැක්වීම ආරම්භ වීමත් සමගම ඒ් සඳහා ශ්‍රී ලාංකේය අපට සිංහල බසින් ස්ටිකර් නිර්මාණය කිරීමට Nebulo Apps සමාගමෙන් කටයුතු කර තිබෙනවා. 


ඔවුන් වට්ස්ඇප් සඳහා නිර්මාණය කළ සිංහල ස්ටිකර් පැක් ලබා ගැනීම සඳහා Sinhala Stickers for Whatsapp යෙදුම ඔබ විසින් දුරකතනයේ ස්ථාපනය කර ගත යුතු වනවා.

1. දුරකතනයේ Play Store වෙත යන්න.

2. එහි search Bar එකෙහි Sinhala Stickers for WhatsApp ලෙස ටයිප් කර සර්ච් කරන්න. Search Result එකෙහි එන Sinhala Stickers for WhatsApp යන App එක තෝරන්න.

නැත්නම්,  මෙතනින් ගිහිං ගන්න


.



3. ඉන්පසු Install යන්න තෝරා App එක ඕපන් කරන්න.



 4. App එකෙන් ඔබ කැමති ස්ටිකර් පැක් එක තෝරා Add to WhatsApp බොත්තම ඔබන්න.      


දැන් ඔබගේ WhatsApp තුළ විවිධාකාර වූ සිංහල ස්ටිකර් යැවීමේ පහසුකම ලැබෙනු ඇත. 

විශේෂයෙන්ම සඳහන් කරන්න ඔ්නේ, WhatsApp Beta install කරගත් පසු play store එකෙන් එන update install කිරීමෙන් ඔබව නැවත සාමාන්‍ය WhatsApp පරිශීලකයෙක් දක්වා downgrade විය හැක. WhatsApp විසින් official public update එක එවන තුරු WhatsApp update  කිරීමෙන් වැලකී සිටින්න.


ලිපියේ කතෘ : Thashila Rachithra

මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
Copyright Protected.

SriLankaHosting