_______________________________________________________________

May 19, 2018

ලෝකයම භාවිතා කරන සුපිරිම Free & Open Source නිර්මාණ

මෙහෙමයි, අලුතින්.කොම් අපි අලුතින්ම කරන පෝස්ට් සීරීස් එක තමා Linux & Open Source කියන්නෙ. ලිනක්ස් කියපුවම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නෙ කාලි ලිනක්ස් නැත්නම් හැකින්. ඇත්තටම ලිනක්ස් හැදුනෙ හැකින් සදහා නෙවේ. අද වන විට අපි දන්නවා Linux Based මෙහෙයුම් පද්දති නැත්නම් Linux Distro බර ගානක් බිහි වෙලා තියෙනවා. තව දෙයක් තමා ගොඩ දෙනෙක්ට Free and open source කියපු ගමන් මතක් වෙන්නෙ Linux. ඇත්තටම ඒක නම් වැරදි. ඒක හදුන්වන්න පුලුවන් මෙහෙම Free and Open Source ලෝකෙට බිහි උන සුපිරිම බිහිවීම ලිනක්ස් කියන්න පුලුවන්. අද මම ඔයාලට Free and open source වල ඉතිහාසය නම් කියන්න යන්නෙ නැහැ. අද කියන්නම්, අපි දන්නෙම නැතුව භාවිතා කරන සුපිරිම Free and open Source ම්ෘදුකාංග කිහිපයක් ගැන.

Linux
දැක්ක ගමන් කියයි මේ මොන පචයක්ද කියල. ඔහොම යමුකො මම කියන්නම් ඔයාල කෝමද මේක පාවිච්චි කරන්නෙ කියල. එහෙම නෑ කීවොත් මම ප්‍රෝග්‍රැමින් කරන එක නවත්තනව. මම ලිනක්ස් ගැන වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නැහැ. ඇත්තටම මේක kernal එකක්. කර්නල් කියන්නෙ මොකද්ද කියල වෙනම පෝස්ට් එකකින් ගැබුරින් කියල දෙන්නම්.

VirtualBox
එක OS එකක් අස්සෙ තවත් OS එකක් රන් කරන්න ගන්න මේ සොෆ්ට්වෙයා එක නොදන්න කෙනෙක් නැති තරම්. එහෙමත් නැත්නම් එයා වැඩිය පරිගණකයත් එක්ක ගනු දෙනු කරල නැහැ. මම දන්නෙ නැහැ මේකට ගහන්න පේඩ් සොෆ්ට්වෙයා එකකටවත් පුලුවන් වෙයිද කියල. ඒ තරම් සුපිරි. කාට හරි ඩවුන්ලෝඩ් කර ගන්න ඕනිනම් පහත ලින්ක් එකෙන් ගිහින් ගන්න.
Download

Android
ආවා ආවා ඔන්න ආවා. මම උඩින් කීව නේද ලිනක්ස් පාවිච්චි කරපු නැති එකෙක් නැහැ කියල. මෙන්න එනව පොයින්ට් එකට. ඇන්ඩ්‍රොයිඩ් හදල තියෙන්නෙත් Linux Kernal එක බේස් කරගෙන. කෙටියෙන්ම කීවොත් මේකත් Linux distro එකක්. හරියට Ubuntu, Fedora, Mint, Kali වගේ. දැන් තේරෙනව නේද Free And Open Source මොන වගේද කියල. Linux කියල එකක් තිබ්බෙ නැත්නම් අපිට ෆෝන් එකේ මුදලට අමතරව OS එකටත් වෙනම ගානක් ගෙවන්න සිද්ද වෙනව. හැබැයි ඔය ඇපල් කට්ටිය හිතන්න එපා අපි එහෙනම් ලිනක්ස් පාවිච්චි කරන්නෙ නෑනෙ කියල. ඔහොම ඉන්නකො මම අවසානෙට කියන්නම් ඔයාලත් ඒම තමා කියල.

VLC Media Player
නොදන්න කෙනෙක්, පාවිච්චි කරපු නැති කෙනෙක් නැති තරම්. ඒ නිසා වැඩිය මේ ගැන කියන්න යන්නෙ නැහැ.

Mozilla FireFox
ඔව් මේකත් Free and open source සොෆ්ට්වෙයා එකක් තමා. හිතන්න පුලුවන්ද සල්ලි දීල ගන්න වින්ඩෝස් ව්ල තියෙන Internet Explore වලට වඩා මේක දස දහස් ගුණයක් පට්ට සොෆ්ට්වෙයා එකක්. ඒකත් ඒ උනාට නොමිලෙ දෙන එකක්.

UBUNTU
උබුන්ටු කියන්නෙ දැනට ලෝකෙ තියෙන හොදම Free and Open Source මෙහෙයුම් පද්දති වලින් එකක්. දැන් අර ඇපල් අයට තමා මේක කියන්න යන්නෙ. ඔයාල ඉන්ටර්නෙට් යනව ඇතිනෙ(වෙබ් බ්‍රව්සින්ග්). ඉතිම් ඔයාල නොදන්නව ඇති අන්තර්ජාලයේ තියෙන සර්වර්ස් ගොඩක් රන් වෙන්නෙ Linux Based OS එකකින් කියල. ඒ අත‍රිනුත් වැඩියෙන්ම භාවිතා වෙන්නෙ උබුන්ටු මෙහෙයුම් පද්දතිය. ඉතිම් වක්‍රාකාරව හරි අපි හැමෝම Free and open source වල ප්‍රතිලාභ විදිනව.

Blender
ගොඩක් අය Big Buck Bunny(2008)  ෆිල්ම් එක බලල ඇති. ඔයාල දන්නවද මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ 137MB තියෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් කියල. වැඩේට ඉන්ටරෙස්ට් අය මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන් ඒකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න බලන්න. මම පහතින් ලින්ක් එක දාන්නම්. ෆිල්ම් එක ඕනි අය ඔයාල අනිත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන විදියටම හොයල ඩවුන්ලෝඩ් කර ගන්න.
Download
Film IMDB

උඩ කියල තියෙන ඒවගෙන් තේරෙනව නේද හොදම දේ හැම වෙලාවෙම ගෙවල ගන්න නැහැ කියල. මේ පෝස්ට් එක කැතයි, රූප මොකුත් නැහැ, දන්න දේවල්මයි කියල දුන්නෙ. මම අද ඔයාලට පෙන්නල දුන්නෙ Free and opensource ම්ෘදුකාංග කොච්චර අපිට උදව් වෙනවද කියන්න. මොකද කට්ටියට නිකන් දෙන දේ අගයක් නැහැ. තවත් පෝස්ට් එකකින් හම්බ වෙනකම් ඒනම් මම කැපුන. ඊළග එක මීට වඩා සුපිරි වේවි.
SriLankaHosting