_______________________________________________________________

Nov 1, 2016

A Discuss About Software/Apps & Crack/Patch | මෘදුකාංග/ඇප්ස් Crack / Patch වල ඇත්ත නැත්ත.

         පරිගණක භාවිතා කරන හැමෝම තම තමන්ගේ අරමුණු ඉතා සරලව ඉටු කර ගැනීමට විිවධ මෘදුකාංගද , Mobile බාවිතා කරන අය Mobile Apps ද භාවිතා කරනවා. සමහරෙක් කියන්න පුලුවන් පරිගණකයෙත් Apps තියෙන්නේ කියලා.. හරි බලමුකෝ. . 

Crack/Patch මෙතෙක් හැමොම ඕනි තරම් භාවිතා කරලා ඇති. නම්තු ඒ ගැන අන්දෝලනාත්මක සිදුවීම් පෙලක් ආවේ ලංකාවේ ප්‍රසිද්ධ Youtubers ලා කිහිපදෙනෙක් මේ ගැන Videos කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරියාත් සමගයි.

එහි දි කියවුන වදේවල් අතරින් සමහර කරැණු හුගාක් අය අතරේ ලොකු විවාදයකට භාංනය වුණා.. ඒ සියල්ලම සන්දන්දනාත්මකව බලන්නයි aluthin.com මේ සූදානම් වන්නේ.

Note: මෙම පොස්ට් එක මගින් මේ ගැන දැනුමක් නොමැති කෙනකුගේ සිට සියලුම දෙනා ආවරණය වන බැවින්, මේ ගැන දැන්මක් තිබෙන අය අවශ්‍යම කරැණු ගැන පමණක් අවධානය යොමු කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------------
මුලින්ම මේ Crack & Patch අතර පැටලුම විසදලා දෙන්න්ම්, මේක එකක්ද.? දෙකක්ද.? ඇයි වර්ග දෙකක්.
------------------------------------------------------------------------------------------------------------------------
Crack & Patch වල අන්තර්ගත වන්නේ එකම දෙයක්. එනම් සල්ලි ගෙවලා ගන්න තියෙන මෘදුකාංගය Modify කරන Files තමා මේ දෙකේම අන්තර්ගත වන්නේ..
එහෙනම් මේ දෙකේ වෙනස.????

ඒ මෘදුාකංග සමග අපිට Crack Files ලබා දුන්නොත් අපිට Manual (අතින්ම) ඒ මෘදුකාංග පරිගණකයේ ස්ථාපිත වෙලා තයෙන තැනට ගිහින් අර Crack Files Copy & Paste කරන්න වෙනවා. එතන්න දාන්න් වෙනවා. 

නමුත් මෘදුාකංගයක් සමග Patch File එකක් ලබා දුන්නොත්,අපිට අර වගේ වෙනම Crack Files හම්බ වෙන්නේ නෑ.. අර Patch Run කරන්න කියලා විතරයි කියන්නේ. ඊට පස්සේ Patch වගේ බටන් එකක් ඔබන්න කියල විතරයි කියන්නේ.

එතනදී අපි අර Manual කරපු වැඩේ ඒ Patch Tool එක මගින් Automatic ම කරනවා. එනම් අපේ පරිගණයේ ඒ අදාල මෘදුකාංගය ස්ථාපිත වෙලා තියෙන ස්තෘනය හොයාගෙන Ara Crack Files එතන්ට කොපි කරනවා.. 

ඒ Patch tool එක මගින් Application Files Access කරන නිසා තමා, හුගාක් වෙලාවට Run as Administrator කියලා කියන්නේ..  සමහර Patch tool වලට automatic හොයගන්න බැරිනම් අදාල File Directory එකට ඒ patch එක ගිහින් දාලා රන් කරාම auto ම Crack Files අදාල ස්ථාන වල ස්ථාපත කරනවා.

Crack File සදහා උදාහරණයක් :


Patch Tool සදහා උදාහරණයක් :


-----------------------------------------------------------------------------------------------------------------------

01. අපි මුලින්ම බලමු ඇයි මේ Crack/Patch ආවේ..? ඇයි මේවා කියලා.

        පරිගණක භාවිතා කරන සියලුම දෙනාටම පරිගණක මගින් යම් අවශ්‍ය කාර්යයක් කර ගැනීමට නම් පරිගණකයට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. 
මෙම මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග වෙනවා.

සමහරෙක් විවාද කරයි නෑ SOFTWARES කොටස් තුනකට වෙන් වෙනවා Utilities Software කියලා කියලා එකකුත් තියෙනවා කියලා. නමුත් ඒ ගැන කතා කරන්න් ගියොත් ඒක වෙනම පාඩමක් වෙනවා මෙතනදී අපේ මාතෘකාව වෙන දෙයක් නිසා. 

මේ System Softwares & Application Softwares පොදුවේ කොටස් දෙකකට වෙන් කරමු. නොමිලේ ලබා දෙන ඒවා සහ සල්ලි දීලා ගන්න් තියෙන ඒවා විදිහට.

මෙහි නොම්ලේ ලබා ගන්න තියෙන මෘදුකාංග ගැන අපිට කිහිම ප්‍රශ්නයක් ඇත් වෙන්නේ නැහැ. අපි මේ මාතෘකාය යටතේ ඒ ගැන කතා කරන්න යන්නේ නෑ..  ඒ මෘදුකාංග වලට Updates සමගින් මෘදුකාංගය Lifetime Free ලබා දෙනවා. 

මෙම System Softwares & Application Softwares වල සල්ලි වලට ලබා දෙන මෘදුකාංග නිසා තමා මෙම Crack / Patch කියන දේ ගැන කතා වෙන්නේ. 

මොකද අපි හැමොටම සල්ලි නැහැ මෘදුකාංග සල්ලි දී ගන්න. නමුත් ලොකු ලොකු කොම්පැනි, සහ සල්ලි තියෙන උදවිය මෙම මෘදුකාංග සල්ලි වලට ගන්නවා.

අන්න ඒ සල්ලි නැති උදවිය උදෙසා තමා CRACK/PATCH මෘදුකාංග සදහා නිර්මාණය වෙන්නේ.. එමගින් සල්ලි ගෙවලා ලබාගන්න් තිබෙන මෘදුකාංග වල Original Files වල යම් ව්‍යාජ වෙනස් කම් සිදුකර හෝ අමතර ව්‍යාජ ෆයිල් එකතු කරලා තමා නොමිලේ අපගේ පරිගණක වලට ස්ථාපනය කරලා අපි භාවිතා කරන්නේ.... ඉස්සරහට යමු.

02.  සල්ලි ගෙවලා ගන්න තියෙන මෘදුකාංග වලට මේ  Crack / patch හදලා, අපිට නොමිලේ ලබා දීමේ පරමාර්ථය කුමක්ද..??

        සමහර අයට හිතෙන්න පුලුවන්, මෙච්චර මේ ලොකු මුදලක් ගෙවා අපිට ගන්න තියෙන මෘදුකාංග වලට ම‍ෙහෙම වෙනසක් කරලා අපිට නොම්ලේ ලබා දෙන්නේ ඇයි.? මේ Crack/Patch හදන අයට මේකෙන් ලැබෙන ප්‍රයේජනය  මොකක්ද..?? අපි ගැන මෙච්චර හිතන්නේ කියලා. අපි දැන් ඒ ගැන බලමු. 

මෙම Crack/Patch හදලා අන්තර්ජාලයට මුදාහරින්නේ ඔවුන්ගේම වෙබ් අඩවි හරහා. මේ වගේ Crack/Patch හොයන්න මෘදුකාංග භාවිතා කරන අය හුගාක් පෙළබෙනවා. ඒ නිසා මේ මෘදුකාංග වල Crack/Patch බෙදාහරින වෙබ් අඩවි වෙත දවසකට විශාල ප්‍රමාණයේ Visitors ප්‍රමාණයක් එනවා. 

ඔවුන් තම වෙබ් අඩවි වල  Advertisement පළකරනවා. Visitors ලා ප්‍රමාණය වැඩිවෙන්නේ Crack/Patch ගැන හොයන පිරිස වැඩි නිසා මේ මෘදුකාංග සෙවීම සදහා වෙබ් පිටු පෙරලවීමේදී හෝ , ඒ Softwares FIles අපි ඩවුන්ලොඩ් කරන්න යනකුට අපිට දැන්වීම් පල කරනවා ඔයාලම දැකලා ඇති .. අන්න ඒ දැන්වීම වලින් ඒ වේබ අඩවි හිමිකරැවන්ට, Crack/ Patch නිර්මාණය කරන අයට මුදල් ලැබෙනවා.. අන්න ඒක තමා මේ Crack/Patch නිර්මාණය කරලා ඔවුන්ගේ වෙබ් අඩවි හරහා බෙදාහැරීමේ මූලික පරමාර්ථය . උදාහරණය :  Google Adsense  / Adf.ly වගේ දැනිවීම් ලබාදෙන අයතන.

03. මේ Crack / Patch හදන්නේ අපිව Hack කරන්නද..? අපේ පරිගණක වලට Virus බෙදා හරින්නද..? මේ Crack / Patch වල අවධානම කුමක්ද..?

     Software Crack/Patch 100 ක් ගතහොත් ඒවාගෙන් 98ක්ම Virus/Malware වලින් තොරයි කියලා ප්‍රාෙයා්ගික භාවිතයෙන්ම කියන්න පුලුවන්. 

එ්කට එක් හේතුවක් - අපි මේ උදාරණයක් බලමු..

        Adobe Photoshop CC 2015 මෘදුකාංගයේ Crack හෝ Patch Files ටික අපි Example.com කියන වෙබ් අඩවියෙන් ලබා ගන්නවා.. අපි පරිගණකයේ ස්ථාපනය කරන්න අයනකුට ඒ මෘදුකාගයේ Virus කියලා පෙන්වනවා.. හරි ඒ මෘදුකාංගය මගින් Virus Guard එක disable කරන්න කියලවා. අපි ඒ යවිදිහටම කරනවා. පරිගණකයට වයිරස් එනවා.. පරිගණකයේ සාමාන්‍ය ක්‍රියා වලිය ඇණ හිටිනවා.

ඔයා පෞදිගලිකය ඔය දේ වුනනම්  ඔයා නැවතත් අර example.com කියන වෙබ් අඩවියට යනවද..? ඒ වෙබ් අඩවියෙන්  නැවත Crack/patch ඩවුන්ලොඩ් කරයිද...?  අඩුම සිංදුවක් වත් ගනීද.??????? 

අන්න ඒකයි ඇත්ත..... වෙබ් අඩවි වල පරමාර්ථය සල්ලි ඉපයීමයි.. නැවත නැවතත් visitors ලා තමන්ගේ වෙබ් අඩවියට ගෙන්වා ගැනීමයි.. ඒ නිසා එයාලා ඒවා හොදට පරීක්ෂා කරලා බලලා තමා අපි වෙත ලබා දෙන්නේ..

ඒවා ඩවුන්ලොඩ් කරන්න ගියාම දැනවීම් නිසා කරදරකාරී වුනත්, ඒ ඔවුන්ගේ අරමුණ නිසා දැන්වීම් පළ කරනවා. Download Links යන්නේ Advertisement හරහා..



මේ හේතු කරණා සහ , අපගේ ප්‍රෙය්ගික භාවිතයන් අනුව මේ මෘදුකාංග  වල විහනාසය ගැන ඔබට පවසන්න පුලුවන්.. 

  එහෙනම් අර 2% ක් වැනි ව්‍යාජ වයිරස්, මැල්වෙයා සහිත මෘදුකාංග සපයන වෙබ් අඩවි වලින් බේරෙන්නේ කොහාමද../
           ඒ සදහා ඒම වෙබ් අඩවියේ Comment Section එක බලලා ඩවුන්ලොඩ් එක කරගන්න් පුලුවන්. 
අනෙත් අයගේ අදහස් වලින් එම ෆයිල් ගැන අවබොධයක් ලබා ගන්න් පුලුවන්.. නමුත් එය හරියට විනිශ්චය කර ගැනීමට අමාරැ වෙන්න් පුුලවන්.
 එසේනම්, අපි ඉදිරියේ අලුතින්.කොම් වෙබ් අඩවිය හරහා ලබාදෙන Crack/Patch පමණක් බාවිතා කරන්න. අපි එම සියලුම Crack/Patch භාවිතා කරලා, ගැටලු තිබෙදැයි බලලා තමා ඔබ වෙත ලබා දෙන්නේ.

03. Torrent හරහා ලබා දෙන Crack/Patch වල Virus තිබෙන්න පුලුවන්ද..? Torrent හරහා ලබා දෙන ෆයිල්ස වල අරමුණ කුමක්ද..? ඒවාගෙන් ලබා දුන්ට Developers ලට සල්ලි හම්බවෙන්නේ නෑනේ.. 

      ඔව් ඔබ හරි. torrent හරහා හොර මෘදුකාංග ලබා දෙනකුට එයාලට සල්ලි හම්බවෙන්නේ නෑ.. නමුත් ඔයා Torrent Files Download කරපු කෙනෙක් නම් අනවා දන්නවා ඇති, එයාලා දෙන Crack/patch Softwares Files සමග READ ME.TXT File එකක් අපිට ලබා දෙනවා.. එහි සදහන් වෙනවා.

තවත් Crack මෘදුකාංග ලබා ගැනීමට අපගේ වෙබ් අඩවියට එන්න් වගේ වැක්යක් දාලා, එයාලගේ දැන්වීම් සහිත වෙබ් අඩවි වල Links දාලා තියෙනවා.. අන්න ඒකයි torrent හරහා නොමිලේ Crack/Patch මෘදුකාංග අපිට ලබාදීමේ අරමුණා. 



නැතහොත් අපිව අමාරැවේ දැමීම නොවේ. එසේ කලහොත් අපි කවදාවත් ඔවුන්ගේ වෙබ් අඩවි වලට යන්නේ නෑ. මෘදුකාංග නැවත ගන්නෙත් නෑනේ...

ඒ විදිහට Torrent හරහා නියම විදිහට මෘදුකාංග ලබාදෙන වෙබ් අඩවි වලින්ම ඔබ නැවතත් Crack/Patch ලබා ගන්නවනම් එය හුගාක් හොදයි. මොකද ඔවුන්ගේ ආරක්ෂාව ඉතාමත් ඉහලයි. විශාවාසදායි මෘදුකාංග ලබා ගන්න් පුලුවන්.

03. එතකුට Mobile Application වලට ලබාදෙන MOD Application මොනවටද..? GOOGLE Playstore එකෙන් පමණක් මෘදුකාංග ලබා ගැනීමද ආරක්ෂිත..? Playstore එකේ හැම ඇප් එකක්ම ආරක්ෂිතද.? 

      මුලින්ම කියන් ඕනි Google Playstore එකේ සෑම ඇප්ස් එකක්ම ආරක්ෂිත නැහැ.. ඒ ඇප්ස් වලට Virus /Malware සහ අනවහ්‍ය Permission ගන්න් ඇප්ස් තියෙනවා... 

උදාහරණයන් : 



Google Play Store එක ඇත්තටම 100% ක් ආරක්ෂිත නම් මෙවැනි ඇප්ස් තියෙන්න බැහැ. මෙම ඉහත ආකාරයේ Android Appps එකක් Install කරන්න් උත්තසහ ගත්තම තේරෙනවා, Image Gallery එකට, Contacts වලට, Camera එකට වඩා Permission ඉල්ල්ට ඇප්ස් අන්තර්ගත වෙනවා.. FB Hack නම් ඇයි කැමරා එකට, Gallery එකට අවසර ඉල්ල්න්නේ... 

එම ඇප්ස් එව අරමුණ වෙනම දෙයක් ඒකයි එහෙම permission ගන්න් විදිහට ඒ ඇප්ස් developers ළා ඒවා නිරිමාණය කරලා තියෙන්වේ.. 

වෙන.ත් අරමුණු, 
Mobile Marketing,
Image Selling ,
අපේ දුරකතනයේ සියලුම දත්ත ලබා ගැනීම දක්වාම ඒක බරපිතල විය හැකයි.

Google Playstore ආරක්ෂිත නම් අවා කිසිවක් වේන්න බැහැ. අන්න් ඒ නිසාම පහල Note එක බලන්න.

  එහෙනම් Google Playstore එකෙන් ආරක්ෂිතව Apps එකක් ඩවුන්ලොඩ් කර ගන්නේ කොහොමද.?

01. ඒ apps වල Reviews හොදට බලන්න.. ඒවා භාවිතා කරපු අය හොද නැත්නම් අනිවා බැනලා දාලා ඇති.
02.  ඊලගට ඒ ඇප් එක කොච්චර ප්‍රමාණයක් ඩවුලොඩ් කරලා තියෙනවද බලන්න. 1 LAK - 1 MILLION වගේ නම් හොදම ඇප්ස් එකක් වෙන්න පුලුවන් (Comment Section එක බලාලා තහවුරැ කරගන්න)

03. භාහිර තැන් වලින් Paid Android Apps වලට Patchs දාලා හදලා තියෙන අප්ස් ගන්න් එක සුදුසුද..? නුසුදුසුද..?

        ඒකටත් ඉහත පිළිගරම තමා.. එයාලගේ පරමාර්ථය advertisements නිසා වයිරස් වලින් තොර ඇප්ස් ලබා දීමට එයාලා කටයුතු කරවා. නමුත් google Playstore එකේදින් ගත්ත ක්‍රියා මාර්ග එවිටත් ගන්න.

මොකද Apps එකක ආරක්ෂිත භාවය රදාපවතින්නේ ඒ Apps එක මගින් ගබාගන්න permission මත, ඔබ ඒ apps එක google Playstore ගත්තත්, පිට තැනකින් ගත්තත් ඒ ගැන අවධානය යොමු කරලා අපි එක ගන්න බලන්න.

Apps එක Install කරන්න යන විට permisson ඉල්ලන ආකාරය.



උදාහරණයක් ලෙස, ඔයා Car Game එකක් Phone එකට install කරනවනම් ඒකේ permisson බලන විට , ඔයාගේ Camera එකට, Contatc වලට හෝ Phone Gallerty එකට Permisson ඉල්ලනවනම් ඒ ඇප්ස් එක google Play store නෙවෙයි කෙහෙන් ගත්තත් අනාරක්ෂිත Apps එකක්. ඒක ගන්න යන්න එපා.


අන්න් එහෙම මෘදුකාංගයක , මෙබයිල් ඇප්ස් එකක ආරක්ෂිත භෘවය තීරණය කර ග්න්න ඕනි. නැත්නම් එය ගන්න් ස්ථානයට මතම ආරක්ෂික භාවය  රදා පවත්වා ගන්න එපා. 

මේ ලිපියේ අරමුණ වූයේ Crack/Patch ගැන විවිධ පුද්ගලයින් ඉදිරිපත් කරන මත වල ඇත්ත නැත්්ත සාරාංශ කිරීමයි.. පරිගණක භාව්තා කරන අය තුල ඇතිබන බිය නැත් කිරීමයි.

සාරංශය :
  • මෘදුකාංගයක් හෝ ඇප්ස් එකක් භාවිතා කිරීමේදී හැමොම භාවිතා කරන විහෘවාසනීය එකක්ම භාවිතා කිරීමට පෙළබෙන්න.
  • Mobile Apps ගැනීමේදී එය ලබා ගන්න් ස්තානය මත ආරක්ෂිත භාවය රදාපවත්වා ගන්න් එපා.. එය භාවිතා කරන අයගේ Reviews , downloads සහ ඇප්ස් එක මගින් අපෙන් ලබාගන්නා Permisson ගැන සැපකිල්ලක් යොදවා ලබා ගන්න. 
  • Crack/Patch වල පොදු අරමුණ අපිව hack කිරීම නොව , ඔවුන්ගේ වෙබ් අඩවි වෙත අපිව ගෙන්වා ගැනීම සහ ඔවුන්ට දැන්වීම් මගින් මුදල් උපයා ගැනීමයි.
  • Google Play Store මගින් ලබාදෙන සියලුම ඇප්ස් ආරක්ෂිත නැත.. භාහිර තැන් වලින් ලබාගන්නා ඇප්ස් වලින් 98% ක්ම ආරක්ෂිත ඒවා වේ. අයට ලබා ගන්නා permisson මත රදා පවතී.
  • මෘදුකාංග නිර්මාණය කරන අයතන වලට කරණ සහයෝගයක් ලෙස Genuine මෘදුාකාංගම ලබා ගැනීමට උතසාහ කරන්න. දුප්පතාගේ හිතවතා ලෙස අපි මේ Crack/Patch ලබා දීම දිගටම කරගෙන යමු. ඒ ඔබ සදහාමයි. 


 මෙම සියලුම කරැණු හමුවේ හැගී යන්නේ පරිගණක සහ දුරකතන භාවිතා කිරීම සරල දෙයක් නෙවන බවයි. මෘදුකාංග ලබා ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිමත් කිරීම සහ මෙම Crack/Patch ගැන මිනිසුන්ට ගිය වැරදි මතය නැති කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණයි.
---------------------------------------------------------
ඔබට ජය - ගැටලු තිබේනම් පහලට යොමු කරන්න.
ස්තූතියි.
----------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
All Right Reserved - Aluthin.com  2014 - 2016
SriLankaHosting