_______________________________________________________________

Oct 29, 2016

KMP Player එකේ Ads අයින් කරගන්න ලංකාවෙන් ටූල් එකක් | KMP Ad Remover From SriLankan Developer :)

       තම පර්ගණකයේ තිබෙන ව්ඩියෝ බැලීමට බහුතරයක් භාවිතා කරන්නේ KMP Player එකනේ. ඉතිං මෙහි නව සංස්කරණ වල අලුත් අංග ඇතුලත් වුනත් එහි මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අඩංගු කර තිබෙන දැන්වීම් අන්තර්ගත වීම නිසා හුගාක් අය මෙම Video Playeඓකෙන් ඉවත් වීමට හේතුවක් වෙලා තිබෙනවා. මොකද එය හුගාක් කරදරකාරී ලෙස දිස්වීමයි.
        නමුත් එයට විසදුම අපේ ලංකාවේ කෙනෙක්ගෙන්ම අපිට ලැබිලා තිබෙනවා. මෙම මෘදුකාංගයේ නම KMP Ad Remover . මෙහි නිර්මාණ කරැ නමින් අසිත් යොමාල් ය. 
ඇත්තටම අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා අප හා සම්බන්ධ වී මෙම මෘදුකාංගය සියලු දෙන අතරේ බෙදා ගැනීමට කටයුතු කිරීමට ඉල්ලුම් කිරීම සම්බන්ධව. අපි එම ඉල්ලීම් ඉතා කැමැත්තෙන් භාරගෙන මෙම මෘදුකාංගය සියලුම දෙනා අතරේ මෙලෙස බෙදා ගනිමු.

01. මුලින්ම මෙම වෙබ් අඩවියට පිවිස මෙම කුඩා මෘදුකාංගය බාගත කරගන්න.

Web : http://asithayomal.comli.com/

02. දැන් එමගින් ලැබෙන Zip File එක Winrar වැනි මෘදුකාංගයක් භාවිතා කර Open කරගන්න. නැතහොත් Unzip කරගන්න.

03. ඉන්පසු එහි තිබෙන kmpAdRemover.exe File එක විවෘත කරගන්න.

like this : 


04. එවිට මෙම මෘදුකාංගය මෙලෙස විවෘත වේ.


05. දැන් ඔබේ පරිගණකයේ KMP Player එක ස්ථාපනය කර තිබෙන ස්ථානයට අදාල File Location එක කොපි කරගන්න.

Like this : 



06.  දැන් එම Address එක කොපි කරගතක් පසු ඉහත විවෘත කරගත් මෘදුකාංගයෙහි KmPlayer Location කිය ස්ථානයේ Paste කර Remove Ads ක්ලික් කරගන්න.


මෙම මෘදුකාංගය භාවිතයෙන් Ads ඉවත් කිරීමට පෙර -



මෙම මෘදුකාංගය භාවිතයෙන් Ads ඉවත් කිරීමෙන් පසු  -



ස්තූතියි.
---------------------------
Name: kmpAdRemover
Version : 1.0
-----------------------------------------------------------------
මෙම මෘදුකාංගයේ පූර්ණ අයිතිය, ඉහත නම් සදහන් මෘදුකාංග නිර්මාණකරැවා සතුවේ.
එසේම ඉහත ලිපියේ පූර්ණ අයිතිය Aluthin.com සතුවේ.
---------------------------------------------------------
SriLankaHosting