_______________________________________________________________

Dec 7, 2014

Factory Reset වලින් තොරව Lock කඩමු.

     ඔයාලට මතකද? මම මීට කළින් Post එකකින් ඔයාලට කියලා දුන්නා මේ ඇන්ඩ්‍රොයිඩ් පොන් වල Pattern Lock නොහොත් Lock Screen එක මගහරන එක් ආකාරයක්. ඔයාලා ඒක බැලුවේ නැත්තම් එක බලන්න මෙතනින් යන්නකෝ.
               ඒ ක්‍රමයෙන් සිදුවන්නේ ඔයාගේ පොන් එකේ Factory Reset වෙලා ලොක් එක කැඩෙන එක, නමුත් ඒ ක්‍රමයෙන් සිදුවන අපහසුතාව සියලුම සැකසුම් හාථ තොරතුරැ මුල් තත්වයට පත්වීමයි. ඒක කරදරකාරී ස්වභාවයක් ගන්න නිසා , අද මම මේ කියලා දෙන්නේ ඒ Factory Reset  ක්‍රමය මගහැර තවත් ආකාරයකට Pattern Lock, Lock Screen ඉවත් කරන ආකාරයක් ගැනයි.
            මම කියන පියවරින් පියවර වැඩේ කොරගෙන යන්නකෝ.... ෂුවර් ආ...............................................


     මුලින්ම කියන්ඩ ඕන මේ කියලා දෙන දේවල් නරක දේවල් වලට නම් යොදවා ගන්න එපා, ඔයාගේ අපහසුතාවයකදී පමණක් භාවිතා කරන්න. එය කියුවට ඒක තමයි කොරන්නේ කියලත් මම දන්නවා. ඕතේ ඔන්න එහෙනම පහත පියවරින් පිවර වැඩේ කොරගෙන යන්න.

01.  මුලින්ම මේ පහළ ලින් එකෙන්  Pattern Password Disable.zipfile එක බාගන්කෝ.


02. දැන් බාගත්තනම්,  බාගත්ත Zip File එක එහෙම්ම ඔයාගේ ස්මාට් පොන් එකේ SD CARD එකට දාගන්න. (Copy & Paste)

03. ඒකත් හරිනම් , දැන් SD CARD  එක පොන් එකට හයි කරලා, පොන් එක ඔන් කරලා, ඔයාගේ සිමාට් පොන් එක Recovery Mode එකෙන් Reboot කරන්න. [ Install Zip From SD CARD ] යන්න තෝරා දෙන්න අමතක කරන්න එපා.

04. Install උනාට පසු, දැන් ස්ථාපනය වූ Zip File  එක වෙත ගිහිල්ලා Flash එකක් ලෙසින් තොරලා දෙන්ඩ. ඊට පස්සේ ආයි  Reboot කරන්න. 

05. දැන් බලන්ඩකෝ... සාමාන්‍ය ලෙස ලොග් වෙන්ඩ පුල්වන් වේවි. සමහර විට ලොක් සික්‍රීන් එක නැවතත් ආවොත් තමන් කැමති, ඔිනෑම පාස්වඩ් එකක් යොදා ඇතුල් වෙන්න පුලුවන්. ඕඕඕඕන්න එහෙනම් මත් ගියා..
                 නැවත් තවත් පොස්ටුවකින් මාගේ සයිබර් අවකාෂයේදී යොමුවෙමු... මේ සියල්ලා මාගේ දැන්මට අල්තින් එකතු වෙන දේ වලින් දාන පොස්ටුවන්ය.... මම ඉගෙන ගන්නදේ මාගේ සයිබරයේ අනිවා තිබේ. 

සැ.යු - මෙහි තිබෙන කිසිදු පොස්ටුවක් කොපි කරන්න එපා. එසේ කළහොත් මට එය සොයාගැනීමට COPYSCAPE පහසුකම භාවිතාකරනු ලැබේ.  ඔයාලා එසේ කොපි කරනවානම් මාගේ නම සහ, බ්ලොක් ලිපිනය ඇතුලත් විය යුතුය..
SriLankaHosting