උසස් පෙළ විභාගයේ ප්රතිඵල ලබන 27 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, අවසන් අදියරේ පරීක්ෂා කිරීම් මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව ය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ අනූහයදහස් තුන්සිය දහතුන්දෙනෙක් පෙනී සිටියහ.
ඒ අතරින් දෙලක්ෂ තිස්හතර දහස් එකසිය අනූහත් දෙනෙක් පාසල් අයදුම්කරුවෝ වෙති.