_______________________________________________________________

Dec 15, 2014

නව විශේෂාංග රැසක් සමග වින්ඩෝස් 10 යළිත් කරලියට.

     වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතියේ Customer Preview සංස්කරණයෙන් පසු, ජනවාරි මස 21 පමන වන විට එහි නවතම Update ය නිකුත් වීමට නියමිත බව ඔවුන්ගේ නිල ආරංචිමාර්ග සදහන් කරනවා. එමගින් වැඩිදුරටත් කියා තිබෙන්නේ, වින්ඩොස් 8 ඇත්තටම නව අත්දැකීමක් ලබා නොදුන් බවයි, එනම් බෙහෙවින් වැඩිදුයුණු කරන ලද නව විශේෂාංග රැසක් එක් වන බවයි.

වින්ඩොස් 10 Customer Preview එක බාවිතා කල පුද්ගලයන් එහි විශේෂාංග ගැන කළ  අදහස් විමසා බලා මෙම වෙනස් කම් සුදු කල බවද වැඩි දුරටත් සදහන් කොට තිබේ...

එලෙසම ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාත්ෂණික උත්සව වලදී වින්ඩොස් 10 ජංගම සංස්කරණයද එළිදැක්වේ. මෙය Intel ARM & Windows දුරකතන පරිසර පද්ධති ඒකාබද්ධ කොට අලවිය එළිදැක්වීමට සුදානම්ව සිටී.


     වින්ඩොස් 8.1 හි ද මතුවූ ගැටලු රාශියක් මෙහිදී නිරාකරණය කර ඇති බවද සදහන්වේ... එසේම Windows 7 හි තිබුණ අයිකන හා වර්ණයන් අවශ්‍ය බව වින්ඩොස් 10 Customer Preview හිදී හෙලි වී තිබේ...එම නිසා සැලකිය යුතු මට්ටමින් එම අංගයන්ද එක්කොට වින්ඩොස් 10 වන සම්පූර්ණ සංස්කරණය 2015 ජනවාරි මස එළි දකීවි. 

මේ පිළිබද වැඩි දුර අදහසක් ගැනීමට මෙම විඩියොව අධ්‍යනය කරන්න.





SriLankaHosting