_______________________________________________________________

Oct 23, 2018

Malware වලින් ආරක්ෂිතව, Crack Softwares භාවිතා කරන විදිහ. | How to use crack softwares in safety

 සුභ දවසක්. Aluthin.com වලින් මම සාරාණාත්.  මේ වැඩ රාජකාරී මැද හදිස්සියේම මේ පොස්ට් එක ගේන්න හිතුවේ, Aluthin.com Daily Update User කෙනෙක් යොමු කරපු ප්‍රශ්නයක් හේතුවෙන්. ඒ ප්‍රශ්නය ඔයාලට මේ පොස්ට් එකේ Highlight Picture එකෙන් බලාගන්න පුලුවන් වේවි.
අහා, මුලින්ම ඒකට පිළිතුරක් දීලම ඉන්නම්කෝ. 

aluthin.com අපි ඔයාලට මෙතෙක් ලබා දීලා තියෙන වගේම, ඉදිරියටත් ලබා දෙන Free or Paid (Cracked) Software වල භාවිතයේදී මේ කරුණු අදාල වෙනවා. 

අපි කරන්නේ Free Service එකක්. ඔයාලට නිතරම භාවිතා කරන්න අවශ්‍ය වෙන, ඔයාල යම් යම් උවමනා වලට නිතරම හොයන මෘදුකාංග පහසුවෙන් අපි ඔයාලට ලගා කරලා දෙන එකයි කරන්නේ.... 

අනිත් දේ අධික මිල ගණන් වලට තිබෙන සමහර සොෆ්ට්වෙයා ඔයාලා හොයනවා, ඒව ඔයාලට මිලදී ගන්න සල්ලි නැති නිසා, ඒවා Crack වර්ශන් විදිහට ඔයාලට හොයලා දෙන එකත් අපි උදව් වක් විදිහට කරනවා.

ඉතිං ඒ  Crack මෘදුකාංග භාවිතයේදී සිදුවන දේවල් වලට අලුතින්.කොම් වග කියන්න බැදිලා නැහැ.  ඔයාලා දැනගන්න ඕනි දෙයක්, Crack Software කියන්නේ illegal දෙයක්.  ඒවා වෙන අය Crack කරනකොට , එයාලගේ වෙනත් උපමනා සදහාද ඒවගේ Program ඇතුලත් කරන්න පුලුවන් නිසා.

උදාහරණ : Malware , Keyloggers .etc

 හැබැයි, එහෙම කියලා ඔයාලව අමාරුවේ වට්ටන්න බැහැ. ඔයාලා එක්ක අලුතින්.කොම් අපි හැමදාම ඉන්නවා. අපි දැන් බහිමු මාතෘකාවට.

01. කොහොමද Crack Software එකක් ආරක්ෂිතද කියලා දැනගන්නේ.??????

අහා දෙයක් කියන්න ඕනි.. ඔයාලගේ PC එකේ Virus Guard එකෙන් හැම Crack Software එකක්ම Malware කියලා පෙන්නුවට ඒ ඔක්කොම Malware නම් නෙවෙයි.
අපි අද ආරක්ෂිතව මග හරින්න හදන Malwares අපේ Virus Guard වලට අහුවෙන්නේත් නෑ.. 😒😒
එහෙම වෙන්නේ ඇයි කියලා, අපේ ඉදිරි Cyber Security පාඩම් මාලාවල් වලදී පැහැදිලා කරන්නම්.

පියවර 01 න් 01 .

ඔයා ඔන්න මොකක් හරි Software එකක් Crack Files එකක් Download කරනවා.
හරි. දැන් ඔයාට Software Setup එක තියෙනවා, Crack Files ටික හරි Keygen exe එකක් ලැබිලා තියෙනවනේ, එහෙම නැත්නම් Patch exe එකක්.

ඔයාලා Download කරගන්න ඕනි 7-Zip Software එක.

හරිනේ දැන්, ඕක Install කරගන්න... ඊට පස්සේ මෙන්න මේ විදිහට Software exe එකේ Right Click කරලා 7-zip එකෙන් Extract කරන්න. ඕනිම තැනකට.


දැන් බලන්න ඒ extract උන් ෆයිල් වල කොහේ හරි Internal Exe Files තියෙනවද කියලා. ( අපි Extract කරපු exe එක ඇතුලේ තවත් exe Files) 

එහෙම තියෙනවනම් ඒක Malware Include Software එකක් විදිහට අපිට සැක කරන්න පුලුවන්.  ( එහෙම වෙන්නේ කොහොමද කියලත්, අපේ ඉදිරි Cyber Security පාඩම් මාලාවල් වලදී පැහැදිලා කරන්නම්. )

දැන් යන්න,  https://www.virustotal.com/ 

ඒ ඇතුලේ තියෙන exe Files Virus Total Website එකට Upload කරලා හරියටම Malware තියෙනවද, කියලා බලන්න පුලුවන්. 

මුකුත් exe Files නැත්නම්, මේ වගේ Files නම් පෙන්වන්නේ හරි , කිසිම ගැටලුවක් නැහැ. 

අපි ඒ කතා කරේ Main සෙටප් ෆයිල් එකනේ.. දැන් බලමු අනිත් Crack & Patch Exe Files ටික.

Crack Files නම් Direct https://www.virustotal.com/ වෙබ් සයිට් එකට අප්ලොඩ් කරලා Check කරගන්න පුලුවන්. 

Patch ෆයිල් නම් උබ කියලා දුන්න ආකාරයටම, 7-Zip එකෙන් Extract කරලා Hidden exe Run වෙනවද චෙක් කරගන්න පුලුවන්. ඒවා විතරක් Virus Total එකෙන් Scan කරගන්න. 😉😉



ඔයාලට තියෙන ප්‍රශ්න අපේ Chat එකට යොමු කරන්න. අහා අදම අපි අද Chat එක අලුත් කරනවා, ඒකට එවන්න.


SriLankaHosting

May 19, 2018

ලෝකයම භාවිතා කරන සුපිරිම Free & Open Source නිර්මාණ

මෙහෙමයි, අලුතින්.කොම් අපි අලුතින්ම කරන පෝස්ට් සීරීස් එක තමා Linux & Open Source කියන්නෙ. ලිනක්ස් කියපුවම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නෙ කාලි ලිනක්ස් නැත්නම් හැකින්. ඇත්තටම ලිනක්ස් හැදුනෙ හැකින් සදහා නෙවේ. අද වන විට අපි දන්නවා Linux Based මෙහෙයුම් පද්දති නැත්නම් Linux Distro බර ගානක් බිහි වෙලා තියෙනවා. තව දෙයක් තමා ගොඩ දෙනෙක්ට Free and open source කියපු ගමන් මතක් වෙන්නෙ Linux. ඇත්තටම ඒක නම් වැරදි. ඒක හදුන්වන්න පුලුවන් මෙහෙම Free and Open Source ලෝකෙට බිහි උන සුපිරිම බිහිවීම ලිනක්ස් කියන්න පුලුවන්. අද මම ඔයාලට Free and open source වල ඉතිහාසය නම් කියන්න යන්නෙ නැහැ. අද කියන්නම්, අපි දන්නෙම නැතුව භාවිතා කරන සුපිරිම Free and open Source ම්ෘදුකාංග කිහිපයක් ගැන.

Linux
දැක්ක ගමන් කියයි මේ මොන පචයක්ද කියල. ඔහොම යමුකො මම කියන්නම් ඔයාල කෝමද මේක පාවිච්චි කරන්නෙ කියල. එහෙම නෑ කීවොත් මම ප්‍රෝග්‍රැමින් කරන එක නවත්තනව. මම ලිනක්ස් ගැන වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නැහැ. ඇත්තටම මේක kernal එකක්. කර්නල් කියන්නෙ මොකද්ද කියල වෙනම පෝස්ට් එකකින් ගැබුරින් කියල දෙන්නම්.

VirtualBox
එක OS එකක් අස්සෙ තවත් OS එකක් රන් කරන්න ගන්න මේ සොෆ්ට්වෙයා එක නොදන්න කෙනෙක් නැති තරම්. එහෙමත් නැත්නම් එයා වැඩිය පරිගණකයත් එක්ක ගනු දෙනු කරල නැහැ. මම දන්නෙ නැහැ මේකට ගහන්න පේඩ් සොෆ්ට්වෙයා එකකටවත් පුලුවන් වෙයිද කියල. ඒ තරම් සුපිරි. කාට හරි ඩවුන්ලෝඩ් කර ගන්න ඕනිනම් පහත ලින්ක් එකෙන් ගිහින් ගන්න.
Download

Android
ආවා ආවා ඔන්න ආවා. මම උඩින් කීව නේද ලිනක්ස් පාවිච්චි කරපු නැති එකෙක් නැහැ කියල. මෙන්න එනව පොයින්ට් එකට. ඇන්ඩ්‍රොයිඩ් හදල තියෙන්නෙත් Linux Kernal එක බේස් කරගෙන. කෙටියෙන්ම කීවොත් මේකත් Linux distro එකක්. හරියට Ubuntu, Fedora, Mint, Kali වගේ. දැන් තේරෙනව නේද Free And Open Source මොන වගේද කියල. Linux කියල එකක් තිබ්බෙ නැත්නම් අපිට ෆෝන් එකේ මුදලට අමතරව OS එකටත් වෙනම ගානක් ගෙවන්න සිද්ද වෙනව. හැබැයි ඔය ඇපල් කට්ටිය හිතන්න එපා අපි එහෙනම් ලිනක්ස් පාවිච්චි කරන්නෙ නෑනෙ කියල. ඔහොම ඉන්නකො මම අවසානෙට කියන්නම් ඔයාලත් ඒම තමා කියල.

VLC Media Player
නොදන්න කෙනෙක්, පාවිච්චි කරපු නැති කෙනෙක් නැති තරම්. ඒ නිසා වැඩිය මේ ගැන කියන්න යන්නෙ නැහැ.

Mozilla FireFox
ඔව් මේකත් Free and open source සොෆ්ට්වෙයා එකක් තමා. හිතන්න පුලුවන්ද සල්ලි දීල ගන්න වින්ඩෝස් ව්ල තියෙන Internet Explore වලට වඩා මේක දස දහස් ගුණයක් පට්ට සොෆ්ට්වෙයා එකක්. ඒකත් ඒ උනාට නොමිලෙ දෙන එකක්.

UBUNTU
උබුන්ටු කියන්නෙ දැනට ලෝකෙ තියෙන හොදම Free and Open Source මෙහෙයුම් පද්දති වලින් එකක්. දැන් අර ඇපල් අයට තමා මේක කියන්න යන්නෙ. ඔයාල ඉන්ටර්නෙට් යනව ඇතිනෙ(වෙබ් බ්‍රව්සින්ග්). ඉතිම් ඔයාල නොදන්නව ඇති අන්තර්ජාලයේ තියෙන සර්වර්ස් ගොඩක් රන් වෙන්නෙ Linux Based OS එකකින් කියල. ඒ අත‍රිනුත් වැඩියෙන්ම භාවිතා වෙන්නෙ උබුන්ටු මෙහෙයුම් පද්දතිය. ඉතිම් වක්‍රාකාරව හරි අපි හැමෝම Free and open source වල ප්‍රතිලාභ විදිනව.

Blender
ගොඩක් අය Big Buck Bunny(2008)  ෆිල්ම් එක බලල ඇති. ඔයාල දන්නවද මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ 137MB තියෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් කියල. වැඩේට ඉන්ටරෙස්ට් අය මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරන් ඒකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න බලන්න. මම පහතින් ලින්ක් එක දාන්නම්. ෆිල්ම් එක ඕනි අය ඔයාල අනිත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන විදියටම හොයල ඩවුන්ලෝඩ් කර ගන්න.
Download
Film IMDB

Format නොකර Windows වල Hard Disk Partition Spaces බෙදමු | How to Split / Merge Hard Disk Partition Space without Formatting in Windows.?

   Android Wedakarayo Facebook Group එකේ කෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි, මේ පහළ තියෙන්නේ... මුලින්ම ඒක බලලා ඉන්න.

එහි Comment Section බැලුවම තේරෙනවා, ඒ ප්‍රශ්නය ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් කියලා...

අපි අද කතා කරන්න යන්නේ, එ් ප්‍රශ්නයට නිවරදිව පිළිතුරක් ලබා ගන්න විදිහ ගැනයි. 



ඔයාලගේ Hard Disk එකේ වෙනත් Partition එකක තියෙන ඉඩක්, තවත් Partition එකකට Share කරගන්න විදහ තමා සරලම මෙහිදින් කතා කරන්නේ.

උදා : ඔයාගේ C: Partition එකේ Free Space 1 GB වෙලා තියෙනවා. D Partition එකේ 50 GB ක් Free Space තියෙනවා.

ඔයාට ඕනි වෙනවා D: Partition එකෙන් - C: Partiiton එකකට 30 GB ක් Share කරගන්න.

දැන් 100%ක් පැහැදිලි වෙන්න ඇති.

මේ සදහා අපි Use කරනවා Tool එකක්. මේක Pro Version එකක්. නමුත් aluthin.com අපි Pro Serial Version එකම අද ඔයාලට දෙනවා. (Not Crack)

Download AOMEI Partition Assist Pro :

Click on the button and wait few minutes , Until Generate Download stream



01. ඉඩ අඩු Partition එකක Space එක වැඩි කර ගමු.

මේ උදාහරණයේ ඉඩ අඩු Partition එක : C
Space එකක් ගන්න යන්නේ : F Partition එකෙන්

  • මේ Software එක Open කරගත්තම ඉහත රෑපයේ වගේ ඔයාගේ Drive list එක පෙන්වනවනේ, ඒකෙන් ඉඩ ගන්න යන F: Drive එකේ Right Click කරන්න. Allocate Free Space යන්න Click කරන්න.

  • දැන් ඒ F: Partition එකෙන් C: එකට ගන්න බලාපොරොත්තු වෙන Space එක GB වලින් ලබා දෙන්න. ( Default එන Value එක ඒ Drive එකෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රමාණයයි)
  • From (F:) to  List එකෙන් C: Drive එක ලබා දෙන්න. (ඔයාට Free Space එක Share කරන්න ඕනි වෙන Drive එකකට නම් ඒ හරි Drive එක ලබා දෙන්න.
දැන් Apply කරන්න. මේ Progress එක අතරතුර Computer එක කිහිපවරක් Restart වෙන්න පුලුවන්. Black Screen එකක් ඇවිත්, ලොකු Process එකක් පෙන්වනන් පුුලුවන්. බය වෙන්න එපා.. ඒ සියලුම දේවල්  වෙනකම් පරිගණකය Current එකට Plaug කරලා තියන්න.

මේ ගැන වෙනත් ගැටලුවක් තියෙනවනම් පහළින් Comment එකක් දාගෙන යන්න.
තව ගොඩාක් ඔයාගේ යාලුවන්ටත් මේ ප්‍රශ්නය තියෙනවනම් ශෙයා කරගෙන යන්න.
ඔයාලට ජය. - 

----------------------------------------------------------
මෙම ලිපියේ පූර්ණ අයිතිය අලුතින්.කොම් සතුවේ.
All Right Reserved - Aluthin.com  2014 - 2018

May 11, 2018

Google IO කියන්නේ මොකක්ද..?? Dialog Google IO Extended 2018 එක්ක Crowdsource ලා කරපු වැඩේ.?

  Google IO කිව්වම ඒ මොකක්ද කියලා අහන පිරිසත් අති විශාලයි, ඒ නිසාම ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරලම අපි අද පොස්ට් එකට යමු.
     

මොකක්ද Google IO කියන්නේ??

   ඔයාලා දන්නවා හැම අවුරුද්දෙම Google ආයතනය අලුත් Products කරනවා.  Software වගේම Hardware අතිනුත් අලුත් දේවල් නිපදවනවා, අලුත් Updates කරනවා.  අන්න ඒ සියලුම දේවල් Google Developers ලට වගේම අනිත් අයටත් පෙන්වන Event එකක් තමා මේ. 

මෙහිදින් ඊලග අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන සහ, කලින් අවුරුද්ද තුල අලුත්න් එක කරපු සෑම දේම මෙයාලා ඉදිරිපත් කරනවා.

එතකොට මොකක්ද මේ Google IO Extended කියන්නේ..??

      USA වල පැවැත්වෙන ප්‍රධාන Google IO Event එකට සමගාමීව අනිත් රට වලත්, තාක්ෂණයට කැමති Google Product වලට ආදරේ කරන අයත් එක්ක එකතු වෙලා කරන Event ළුලට තමයි Google IO Extended කියලා හදුන්වන්නේ...

වෙනදා වගේම මේ පාරත්, ලංකාවෙත් Google IO Extended Event දෙකක් පැවැත්වුනා. එකක් Dialog ආයතනයේ ප්‍රධානත්වයෙත් සහ අනෙක Mobitel ආයතනයේ ප්‍රධානත්වයෙන්.

Dialog අයතනය ප්‍රධානත්වයෙන් කරන Event එකත් එක්ක තමා අපි හැමදාම එකතු උනේ.. SLECC එකේ තමා පැවැත්වුනේ..  මෙදා පාර Google Developer Group Srilanka එක්ක Google Crowdsource Srilanka eam එකේ අයත් එකතු වෙලා අලුත් වැඩක් කරා.. ඒ ගැනත් අපි දැන් කතා කරමු.

දැන් එතකොට මොකක්ද ඔය Crowdsource කියන්නේ...???

  විවිධ රට වල විවිධ භාෂාවල් දන්න අයනේ ඉන්නේ ? ඒ වගේම එයාලගේ රට වලට අවේනික සතුන් , කෑම වර්ග , විවිධ වැදගත් ස්ථාන , විවිධ විදිහේ පෞරාණික දේවල් මා දක්නට ලැබෙන්නේ..

මුලින්ම උදාහරණවල කිහිපයක් අරගෙන මේ කාරණා ටික බලමු.

 අපිට ඉන්දිවේ, නිවාස ආකෘතිය බලන්න ඕනිනම් අපි මොකද කරන්නේ..?? අපි google Search එකේ ගහලා බලන එකනේ කරන්න.... 

ලංකාවේ නිවාස වල හැඩ, ආකෘති ඉන්දියාවේ කෙනෙක්ට බලන්න ඕනි නම් ඒත්  ඒකමනේ එයාාල කරන්නේ. හරි.

ලංකාවේ කෙනෙක් Google Map එක Open කරලා ලංකාවේ විවිධ ස්ථාන ගැන හොයනකොට ඒවා සිංහල අකුරෙන් තියෙනවනම්???? නේද

Google Translate වල අපි  ජේදයක් උනත් ගැහුවත්, කලින්ට වඩා දැන් හොද Accuracy එකකින් අපිට තේරුම ලබා ගන්න පුලුවන් නේද..??

- අන්න සියලුම දේට සහ තවත් බොහෝ දේවලු වලට මේ Crowdsource උපකාරී වෙනවා.

ලංකාවේ බහුතරයක් අය සිංහල දන්නවා උනාට,  දෙමළ දන්නේ නෑ නේද..??   
සිංහල දන්න අය සිංහල භාෂාව දියුණු කරන්න උදව් කරනවා - දෙමළ අය දෙමළ භාෂිව දියුණු කරන්න උදව් කරනවා.

ඒ සියලුම දේ සිදු වෙන්නේ මේ Google Crowdsource හරහා, Crowdsource Mobile(Android) යෙදුම හරහා.


මේ යෙදුම ඔයාලත් Download කරගන්න පහළින් යන්න.


කියන්න සතුටුයි,
ලංකාවේ අපිටත් දැන් අපේම සිංහල භාෂාව Google Products වල තවත් දියුණු කරන්න අපේම Team එකක් ඉන්නවා. ඒ තමයි Google Crowdsource Srilanka Team එක.

මෙදා පාර  Dialog Google IO Extended Srilanka Event එකටත් එකතු වෙලා ඒ ගත කරපු පැය කිහිපයත් ලංකාවේ අපේ භාෂාව දියුණූ කිරීම වෙනුවෙන්  යොදාගන්න ලැබීම සතුටක්.




එතකොට දැන් මොකද ඔයාලා කරේ...?? අපිට දෙන්න පුලුවන් සප් එකත් කියන්න..??

      එදින ඒ සදහා තරගයක් පැවැත්වුවා. COntrbutors ලගේ දැනය පවතින Contrbutors තොරතුරු ලබාගෙන, Event එක පටන් ගැන්මේ ඉදාලා පනාදර 3.30 පමණ කාලය තුල, කාලය තුල එයාලා ලබා ගන්නා Contributes ප්‍රමාණය මත, Crowdsource Crew එක ලබා දෙන මට්ටමට ලගා වී තිබේ නම් ඒ සියලුම දෙනාට T-Shirt , Stikers, Tags ගැන දේවල් ලබා දීමක් සිදුකලා.

මේ සදහා 100 අධික ප්‍රමාණයක් එක්වී තිබීම ගැනද තිබෙන්නේ සතුටක්.   

මෙවන් දෑ ලබා දී Contributors ලබා ගැනීමට පෙළබෙන්නේ, ඔබට යම් Motivation එකක් ලබා දී උනන්දුව වැඩි කිරීමටයි... ඒ නිසා ලංකාවේ අපේ සිංහල භාෂාව ගැන හිතලා, එය නිවරදිව කිරීමටත් හැමොම කටයුතු කරනවනම් ඒකයි දෙන්න පුුලුවන් උපරිම සප් එක. 


Crowdsource App එක Use කරන විදිහ දැනගන්න, 
මම කරපු විඩියෝ එකක් තියෙනවා. පහළින් බලන්න.



මා හට පෞද්ගලිකව තිබෙන සතුට,
මේ සත්කාරය සදහා Crew Member කෙනෙක ලෙස වැඩ කරමින් දායක වීමට හැකි වීමයි.

මම සාරණාත්,
අපි අලුතින්.කොම් - 2018

May 10, 2018

අලුත්ම Android P (9.0) Version එකේ - හොදම 5 මෙන්න

    ඔයාලා දන්නවා ඊයේ සහ පෙරේදා Google IO Google IO 2018 Event එක පැවැත්වුනා.

එහිදින් Official Android P එළිදැක්වුවා. ඒ ගැන සහ එහි Release වී තිබෙන හොදම Updates මොනවද යන්න මේ පොස්ට් එකෙන් අපි කතා කරන්නයි යන්නේ...

 මුලින්ම අපි බලලා ඉමු එදා සිට මේ දක්වා Android Version වල ගමන කොහොමද කියලා.


Android Version 1.5 : Cup Cake
Android Version 1.6 : Donut
Android Version 2 : Eclair
Android Version 2.2 : Froyo
Android Version 2.3 : Gingerbread
Android Version 3.0 : Honeycomb
Android Version 4.1 - 4.3 : Jelly Bean
Android Version 4.4 : Kitkat
Android Version 5.0 - 5.1.1 : Lollipop
Android Version 6.0 : Mashmallow
Android Version 7.0 : Nougat
Android Version 8.0 : Oreo
Android Version 9.0 : Android P 

     ඔයාලා දන්නවා මීඨ කලින් Release උනා සියලුම වගේ Android Version නාමීකරනය උනේ විවිධ කෑම වර්ග වල නම් වලින් නේ.
එතකොට ඇත්තටම Android P (Android 9.0) මොන නමින් හදුන්වයිද../? තාම නම් ඒ ගැන නිල වශයෙන් ප්‍රකාශ වෙලා නැති උනත්, 

හුගාක් අය කතා වෙනවා Android P - Android Pie , Android Pumpkin pie වගේ යන නමිකින් නාමීකරනය වේවි කියලා.

සාමාන්‍ය මේ Google සමාගම මේ අකුරින් පටන් ගන්න නමක් Suggestion කරන්න කියලා , කාලයක් ලබා දෙන්නත් ඉඩක් තිබෙනවා. ඊට පස්සේ වැඩිම දෙනාගේ Suggestion එක Android 9.0 නම වෙන්න පුලුවන්.

දැන් අපි බලමු Google ලා කියන ආකාරයට Android P වල තිබෙන Updates වලින්,
හොදම Updates 5 ක් ගැන විස්තරයක්.


APP TIME LIMITS

මේක නම් ලංකාවේ ගොඩාක් අයට වැදගත් Feature එකක් වේවි. මොකද අපිට Smart Photo භාවිතය වැඩි නිසා, වසක් තුල කරන අනෙක් වැඩ වලට යොදාගන්න කාලය අඩුයි.

මේ Feature එක මගින් අපිට පුලුවන් Android Application සදහා දවසේ භාවිතා කලය සදහා limits යොදාගන්න. උදාහරණයක් : අද දවස තුලම මම Facebook භාවිතා කරන්නේ පැයයි. 60min.

දවසේ භාවිතය  පැය 1 කට වඩා වැඩි උනාම Notification එක් ඇවිත් App Open කරන එක වලක්වලා පණිවිඩයක් දෙන්නත් මේ Feature එකට පුලුවන්. හදිසි අවස්ථාවක් වගේනම් / තවත් භාවිතා කරන්න ඖනිම නම් ඒ සදහාද Ignore Option එකක් සහිතවයි මේක වැඩ කරන්නේ.

අන්න ඒ වගේ Limit එකක් හැදුවම අනෙක් පැය 23 ඔයාට බෙදාගන්න පුලුවන්.
විශේෂයෙන්ම පාඩම් වැඩ කරන වෙලාවට, Office එකේ වැඩ, ගෙදර අනෙක් වැඩ වලට දයසින් වෙන කරන කාලය හුගාක් වැඩි කරගන්න පුලුවන් නම් හොදයි නේද..??




FEWER NOTIFICATION ANNOYANCES

මේක අප ඉහත කතා කරා වගේම වැදගත්ම Feature එකක්.

ඔයාගේ Phone එකට නිතරම Instagram Notification එනවා. ඒ වගේම ඔයා Open කරනේ නැතිව, නිතරම Instagram Notification Close කරනවනම් - මේ Feature එක මගින් පොන් එකට Suggest කරන්න පුලුවන් ඔයාට මේ App එකේ Notification වැදගත්ද නැද්ද කියලා.

නිතරම Open නොකර Close කරනවනම් ඒ App එකේ නොටිෆිකේෂන් ආවට Ring, Lockscreen Disply වෙන්නෙත් නෑ.
--
ඒ වගේම ඔයා Phone එක Manaual Don't Disturb Mode එකට දැම්මොත්,
App Notification කොහෙත්ම Main Screen, Lock Screen, වලට වැටෙන්නෙත් නැහැ. ඔයා App එකට ලොග් උන වෙලාවක විතරක් ඒවා බලගන්න පුලුවන්.

මම හිතනවා ඒකත් හුගාක් වැදගත් Feature එකක්.



GESTURE NAVIGATION

ඔයාලාට හුගාක් පුරුදු Physical Button වලින් App Navigation කරලනේ. ඒත් දැන් Fullview Display Phone Trend එක නිසා, Android OS එකෙන්ම තමා Buttons Display කරන්නේ. ඒවා මගින් ඇත්තටම Physical වලින් කරපු කාර්යම කරගන්න් පුලුවන්.

ඒ දේ තමා තවත් improve වෙන්නේ Android P වලදින්.  ඒ නාසා බටන් කිහිපයකින් Multitask කිරීම දක්වාම මේ Feature එක උදව්  කරනවා.

මේ ගැන කියනවට වඩා පැහැදිලි වේවා. මේ පහළ විඩියෝ එක බැලුවම.





SCREENSHOT EDITING

Android වල Screenshot Feature එකට ඔයාලා හුගක් කැමති. Screen එකේ වෙන දෙවල් Capture කරගන්න.

හුගාක් Customize Android OS වල නම් Screenshot ළුලට විවිධ විදිහේ Application Include වෙලා එනවා. නමුත්, Pure-Android වලට ඔන්න Android P වලදින් Screenshot Feature එක, Edit කරගැනීමේ පහසුකමත් එක්ක්කම ඇඩ් කරන්න එයාලා කටයුත් කරනයි යන්නේ.



SMARTER APP SEARCH RESULT

Android P වලින් Built in ම App Search Bar & Suggesting Status එකක් එනවා කියලයි එයාලා කියන්නේ.

එතකොට අපි නිතරම Use කරන ඇප් වෙනම ආයිත් App list එක Scroll කරලා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.. ඒ වගේම Search එකත් හුගාක් Optimize කරලා ඇඩ් කරලා තියෙන නිසා කාලය ඉතිරි කරගන්න් හුගාක් වැදගත් වේවි.



මේ Experience එක ඔයාලාට ඉක්මනින් ලබා ගන්න හැකි වේවා. Google Pixel Users ලට නම් ඉක්මනින්ම මේ Update එක පැමිනේවි.

තවත් මෙවැනි වැදගත් Tech Article එකකින් හමුවෙමු. හැමොටම ජය. දිගටම අපි එක්ක් රුදී ඉන්න.