- Advertise Here -
_______________________________________________________________

Oct 9, 2017

Geek Lanka Community ය Google Geek ඔයාලා වෙනුවෙන් කරන පට්ටම වැඩක් :D

    GEEK LANKA  Community යේ ආරම්භය ගැන  හැරිලා බැලුවොත් 2017 අගොස්තු 01 දින තමා මෙහි අරමභය ඇතිවුනේ. 

Google Products වලට අපි හැමෝම කැමති. Internet භාවිතා කරන ඔයාලා හැමෝම අනිවාර්යයයෙන් අවම එක Google Products එකක් හෝ භාවිතා කරනවා. ඒත් ඒ හැමදාම භාවිතා කරන ඒ Google Services වලට වඩා තව ගොඩාක් Services අපිට Google ආයතනය සපයනවා. එන්න ඒ සුපුරැදු Google Services වලට එහා ගිය ඔයාලා නොදන්න Google Products ගැනත් / ඒවා භාවිතා කරන ආකාරය ගැනත් ඔයාලට දැනුමක් දෙන්නයි මේ Google Geek/ Geek Lanka Community යේ අරමුණ වෙලා තිබෙන්නේ.

Google Geek පිටුපස සිටින පිරිස ගැන.?

 මේ පිටුපස ලොකු පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගැන දැනගන්න පහළින් යන්න.


අපි කොහොමද Google Geek වෙත එකතුවෙන්නේ.?

       ඔව් ඔයාලත් කැමතිනම් Google Geek Community එක වෙත එකතු වෙන්න. ඒකටත් අවස්ථාවක් සකසලා තියෙනවා.

ඒ සදහා ඔයාලට Fill කරන්න Form එකක් තියෙනවා. ඔයාලගේ නිවැරදි තොරතුරැ වලින් ඒ Form ය Fill කරලා Submit කරන්න. පසුව Google Geek කණ්ඩායම ඒ Form ය පරීක්ෂා කරලා බලලා ඔබව සම්බන්ධ කර ගැනීමට කටයුතු සිදු කරයි


Google Geek ඔයාලා වෙනුවෙන් මොනවද කලේ.?

   Geek Lanka Community යේ googlegeek.lk වෙබ් අඩවිය මගින් Google සමාගමේ ගොඩාක් Products ගැන ඔයාලට ලිපි මගින් දැනුම ලබා දීලා ඔයාලටත් ඒ Services ලබා ගන්න මග පාදලා තිබෙනවා.  ඒ වගේම Android App එකක් මාර්ගයෙන් ඒ සෑම Update එකක්ම ඔයාගේ Smart දුරතනයට Push Notification මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා.


Google Geek Android App එක ගන්නේ කොහොමද.?

   Geek Lanka Android App එක ඔයාලට Google PlayStore එක හරහා නොමිලේම ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්.  පහළ මෙම Banner ය මත Click කරන්න. 
Google Geek App එක Install කරගන්න ඔයාලට ලැබෙන වාසි.

- Google හා සම්බන්ධ ලංකාවේ සියලුම Event ගැන කලින්ම Push Notification මගින් දැන ගැනීඹට හැකිවීම.
- GoogleGeek හි පළවෙනි සියලුම Updates ගැන Notification ලබා ගිනීමට හැකිවීම.
- GoogleGeek හි පළවන සියලුම ලිපි මෙම App එක මගින් කියවීමට හැකි වීම.
  සහ තව බොහෝ දේ ඉදිරියේදී යාවත්කාලීන වනු ඇත


Google Geek ඉදිරියේ මොනවද කරන්නේ.?

   Geek Lanka Community ය මගින් ඉදිරියේ Event කිහිපයක්ම සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ Event ගැන දැනගන්න,  GOOGLEGEEK.LK වෙබ් අඩවිය සමග මෙන්න, Geek Lanka Android App එක සමග Update වෙලා සිටින්න.



Google Geek හා සමබන්ධ වන්න

SriLankaHosting

May 20, 2017

යතුරු පුවරුවක් නොමැතිව ටයිප් කරන්න අළුතින් ක්‍රමයක් මෙන්න A New Way To Type Without Keypad

සමාන්‍යන් අපි ටයිප් කරන්න යොදාගන්නේ "key board එක නැතිනම් යතුරු පුවරුව.

එහෙත් දන්නවද අළුතින්ම හදුන්වල දීල තියෙන යතුරු පුවරුව ගැන..


සැබවින්ම මෙය අප වෙනදා දකින සාමාන්‍ය  යතුරු පුවරුවක් වගේ නම් නොවෙයි..

මේ අපූරු උපාංගය නම තමයි “Tap”. එය Bluetooth තාක්ෂනය මගින් ක්‍රියාකරන අතේ ඇඟිලි වලට පැළඳිය හැකි අපූරු උපාංගයක්.

මේ උපාංගය දෙස බැලුවොත් එය නිර්මාණය කරලා තියෙන්නේ රබර් වලින්. මෙය Bluetooth තාක්ෂනය මගින්  ඒ සදහා සහාය දක්වන ඕනෑම  උපකරණයකට සම්බන්ධ කිරීමේ හැකියාව පවතිනවා.

එහි ඇති පිටතට නොපෙනෙන සංවේදක මගින් ඔබේ ඇඟිලි වල චලනය හඳුනාගෙන එමගින් ඔබට අවශ්‍ය පණිවිඩය ටයිප් කිරීම මෙහිදී සිදුවෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ටයිප් කිරීම සඳහා ඕනෑම මතුපිටක් යොදාගැනීමට ඇති හැකියාවයි.

ඔබේ මේසය, කමිසය, කලිසම, වගේම හිසමත වුවත් මේ ක්‍රමය මගින් ටයිප් කිරීම සිදුකිර්මට පුළුවන්.

මෙය සැබවින්ම අපූරු නිර්මාණයක්. මෙහි ක්ර්යකරිත්වය සිදුවන්නේ ඇඟිලිවල චලන රටා මේ තුල ඇති සංවේදක වලින් හඳුනාගෙන ඒවා අකුරු බවට පත්කිරීමෙන්.

මෙහි අකුරු ටයිප් කිරීමට විවිධ සංකලන රටා තිබෙනවා. හරියටම කිව්වොත් එවැනි රටා 31ක් තිබෙනවා.

මේ උපාන්ගයේ අතේ ඇඟිලි 5ට ප්‍රාණක්ෂරය ( vowels) අන්තර්ගත වන අතර අනෙක් අක්ෂර විවිධ සංකලන තුලින් ටයිප් කිරීමේ හැකියාව පවතිනවා.

මෙහි අකුරු ටයිප් කිරීමේ රටාව බොහෝදෙනෙක්ට පැයක පමණ කාලයකින් ඉගනීමට හැකි බව නිර්මාණකරුවන් පවසනවා.

එමෙන්ම ටය්ප් කිරීම පුරුදු වීමට TapGenius නමින් app එකක් ද නිර්මාණය කර තිබෙනවා.


May 19, 2017

Google IO මාධ්‍ය ආවරණය 2017 | Google IO 2017 Extended Media Coverage - Aluthin.com

   Google IO Extended කියන්නේ මොකක්ද..? ඒක පැවැත්වුනේ කවදද.?? යන්න විස්තර දැනගන්න අපේ මීට පෙර ලිපිය මෙතනින් බලන්න.

මුලින්ම කියන්න සතුටුයි, Google IO Extended Sri lanka හි Official Blogger Media Partner කෙනෙක් විදිහට එයට සහභාගී වෙන්නද අලුතින්.කොම් අපිටද අවස්ථාවක් ලැබීම සම්බන්දයෙන්. ඒක අලුතින්.කොම් දිනපතා කියවන ඔයාලටත් ලැබුණ මහගු අවස්ථාවක් වේවි...

මුලින්ම Google IO Extended Srilanka Event එකෙහි Aluthin.com අපගේ මාධ්‍ය ආවරණය පහළින් නරඔන්න.

අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා.  LIKE | COMMENT | SHARE
---------------------------------------------------------------------------------------------------------------------
ඊට අමතරව අපේ අලුතෙන් ඩොට් කොම් කණ්ඩායමට විශේෂ අමුත්තෙක් හමුවුණා. ඒ වෙන කවුරුවත් නෙමේ Youtube හරහා ජනප්‍රිය වීඩියෝ නිර්මාණය කරන මලින්ද අලහකෝන් සහෝදරයව. පහත විඩියෝවෙන් මලින්ද සහෝදරයා මේ ගැන දක්වන අදහසත් ඔබට නරඹන්නට පුළුවන්. ඒ වගේම අද දවසේ උපන් දිනය සමරන මලින්ද අයියට අලුතෙන් ඩොට්කොම් කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම් එක්කරනවා.
-----------------------------------------------------------------------------------------------------------------
Thanks for All Who helped to us.
Video edit credit to Thashila Rachithra & Presenter : Sachintha Randil Perera

දැන් අපි බලමු Google IO Extended Srilanka Event එකෙහි සිදුවූ , අපිට අාවරණය කරගත් අවස්ථාවක් කිහිපයක ඡායාරෑපයන් සහ විස්තර.

Google IO Open Event :














Google IO Extended Srilanka Event :







Arimac Lanka : 


Basha [ Helakuru Release ] : සිංහල දෙමල හෙලකුරැ APP එක පරිගණක සදහා නිල වශයෙක් නිකුත් කල අවස්ථාව..


Iraj Production : ඉරාජ් Production කණ්ඩායමේ සිගීතමය වේලාව :



වෙනත් :




Group Photo : Google IO Extended Srilanka හි GDG Srilanka කණ්ඩායම, Dialog Ideamart කණ්ඩායම සහ පැමිණි සිටි සියලුම දෙනාගේ සමූහ ජායාරෑපය :


ස්තූතියි.
අපි අලුතින්.කොම්

Helakuru [ PC ] පරිගණකාගමනය සහ හෙලකුරැ PC භාවිතා කරන ආකාරය ‍| How to Download & How to use Helakuru PC Version :)

 Helakuru ගැන කිව්වොත් නොදන්න කෙනෙක් නෑනේ.. BHASHA ආයතනයේ නිර්මාණයක් වන helakuru ලංකාවේ මිලියන 2 කට ආසන්න පිරිසක් භාවිතා කරන Mobile APP එකක්. මෙය අපි හැමොමත් එදා ඉදලා භාවිතා කරනවනේ..

2017/08/17 වනිදා BMICH හිදී පැවැත්වුන Google IO Extended 2017 දී මෙම හෙළකුරැ Mobile APP එකෙහි පරිගණකාගමනය සිදු වුනා.

අලුතින්.කොම් අපි  මෙම ලිපිය මගින් අන්න ඒ ගැන සහ මෙය Download කරලා භාවිතා කරන විදිහත් අපි දැන් බලමු..

01. මුලින්ම  Google Chrome වෙබ් Browser එක හරහා, පහල Download Link එකට යන්න. පසුව පහත පියවර අනුගමනය කරන්න. 







01. දැන්, මේ පහත Screenshot එකෙහි ආකාරයෙන් Helakuru Sinhala Phonetic සහ Sinhala Wijesekara යතුරැ පුවරැ දෙක අතර සහ සාමාන්‍ය පරිගණකයේ යතුරැ පුවරැව (System Default) වෙත මාරැ වීමේ හැකියාව ලැබෙනවා.


01. දන් ඔබට , ඔබ කැමති යතුරැ පුවරැවක් භාවිතා කරලා සිංහල යතුරැ ලියනය කිරීමේ හැකියාව ලැබෙනවා.


මෙවැනි ලාංකීය නිර්මාණ කිරීම සම්බන්ධයෙන් අපි BHASHA අයතනය වෙත අපගේ ස්තූතිය පුදකර සිටිමු.
හෙලකුරැ සමග Google IO 2017 මතක සටහන් මෙසේය. :D








ලංකාවේ දේ අගය කරන්න. අනිත් අයටත් බලන්න, මේ ගැන දැනගන්න ශෙයා කරන්න.
ස්තූතියි. අලුතින්.කොම් අපි. - All Right Reserved 2014 - 2017